Sinhala Sratements

සිංහලයෙන් පමණක් ජාතික ගීය ගැයීමට විරුද්ධ වූ යාපනයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඝාතනය කරයි

2001.12.28,යාපනයේ වළිකාමම් කොට්ඨාෂයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාකන්දු සිවලිංගම් මහතා සිංහලයෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමේ තීරණයට විරුද්ධවීම හේතුවෙන් ඝාතනය කර ඇතැයි දැන ගන්නට ලැබීමෙන් ශ‍්‍රී ලංකාවේ අයිතීන් සඳහා එකමුතුව කම්පනයට පත්වෙයි. පසුගිය 26 දා යාපනයේ පැවැති සුනාමි අනුස්මරණ උත්සවයේ දී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කළ යුතුය යන   ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ තීරණයට විරුද්ධ වෙමින් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට සහභාගි කරවීම සිවලිංගම් මහතා විසින් හෙළා දැක තිබේ. එම අනුස්මරණය පැවැති දින රාත‍්‍රී 10.30 වෑන් රථයකින් පැමිණි ඝාතකයින් ඒ මහතාට වෙඩි තබා පලා ගියේ ය. මෙම ඝාතනය විසින් ශ‍්‍රී ලංකාවේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට ඇති මරණිය තර්ජන යළිත් වරක් ඉස්මත්තට ගෙනැවිත් තිබේ.
MORE